වැස්ස තවත් දරුණු වෙයි.. හෙට ඉඳන් පරිස්සම් වෙන්න.. නිරිතදිග මෝසමත් ළඟ ළඟම..
Sunday, 10 May 2026 - 15:24 | Views - 197
දිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හෙට දිනය වනවිට අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බැවින් පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ලබන 20 වනදා වන විට නිරතදිග මෝසම් තත්ත්වය දිවයින ආශ්‍රිතව ස්ථාපිත විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින වැසි සහිත කාළගුණික තත්ත්වය සමඟ අද උදෑසන වන විට ප්‍රධාන ජලාශ 9ක සහ මධ්‍ය පරිමාණ ජලාශ 05ක වාන් දොරටු විවෘත කර ඇති බවයි.

එමෙන්ම පවතින අයහපත් කාලගුණය හමුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කළ පළමු අදියරේ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.

දිවයින ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට විටින් විට තද වැසි පතිත වනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද දිනයේ ද මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

ඊයේ රාත්‍රියේ සිට පැවති අධික වැසි සමග පස්සර ප්‍රදේශයේ මාර්ගයක් මතට ඊයේ රාත්‍රීයේ විශාල ගසක් කඩා වැටී තිබුණා.

එමෙන්ම අවුකන සිට කැකිරාව දක්වා ගමන් ගන්නා මාර්ගය ද අවුකන විහාරස්ථානය අසලින් ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ද මේ වනවිට ඇනහිට තිබෙනවා.
ඊයේ ඇඳහැලු‍ණු වර්ෂාපතනය හේතුවෙන් දෙල්තොට ගළහ ප්‍රදේශයේ උඩ දෙල්තොට පාලම ගිලා බැසීමට ලක්වෙලා තිබෙනවා.

ඒ හේතුවෙන් ගලහ ප්‍රදේශයේ ශ්‍රියාගම, බෙල්වුඩ් තලාතුඔය, හරහා මහනුවර දක්වා දිවෙන මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා පැමිණ ඇති බව පොලිසිය සඳහන් කළා.

පසුගියදා ඇතිවූ දිට්වා සුළිකුණාටුවෙන් බදුල්ල පස්සර සිට මඩුගස්තලාව ගම්මානයට පිවිසිමට තිබු අත්වැල් පාලම කැඩී යාමත් සමග ගම්වාසීන් විසින් තාවකාලික පාලමක් ඉදිකරලා තිබුණා.

කෙසේ වෙතත් එම පාලම ද ඊයේ රාත්‍රී ලොග්ගල්ලා ඔය හරහා ගලා ආ ජල පහර සමග කැඩී ගොස් තිබු බව අප වාර්තාකරු සඳහන් කළා.

මේ අතර පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා.

මේ අතර පවතින වැසි තත්ත්වයත් සමඟ නායයෑම් සක්‍රීය විය හැකි බැවින් කඳු ආශ්‍රිත ජනතාව ඒ සම්බන්ධයෙන් වඩාත් අවදානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර කියා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top