නැවතත් යාපනයට යාල්දේවියෙන් යමුද? නව දුම්රිය කාලසටහනට අනුව හෙට සිට ගමන් අරඹයි..
කොළඹ කොටුවේ සිට යාපනය හරහා කන්කසන්තුරය දක්වා ධාවනය වන සුප්‍රසිද්ධ යාල්දේවි දුම්රියේ ධාවන කටයුතු හෙට (11) සිට නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා.
දීර්ඝ විරාමයකින් පසුව උතුරු දුම්රිය මාර්ගයේ මේ සේවාව යළිත් ක්‍රියාත්මක වනබව එම දෙපාර්තමේන්තුව වාර්තා කළා.
දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, යාල්දේවි දුම්රිය සතියේ දින කිහිපයක පමණක් ධාවනය කිරීමට තීරණය කරලා තිබෙනවා.
ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා සතියේ සඳුදා, බදාදා හා සිකුරාදා යන දිනවල පමණක් දුම්රිය ධාවනය වන අතර කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා යාල්දේවී දුම්රිය නැවත කොළඹ බලා ධාවනය වන්නේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා හා ඉරිදා යන දිනවල පමණයි.
මේ දුම්රිය වායු සමනය කළ පළමු පංතියේ මැදිරි 04කින් සමන්විත වන අතර මගීන්ට ඉතා සුවපහසු ලෙස ගමන් කිරීමේ අවස්ථාව උදාවෙනවා.
මීට අදාළ ආසන වෙන් කරවා ගැනීම් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් හෝ ආසන වෙන්කිරීමේ පහසුකම් සහිත දුම්රිය ස්ථානවලින් සිදුකළ හැකි බව ප්‍රකාශකර තිබෙනවා.
උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ යාල්දේවී සේවාව, මෙලෙස යළිත් මගී ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට හැකිවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.