ශාසනික මෙහෙවරක නිමා කරමින් අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික විමලකීර්ති ශ්‍රී සුමන ගුණරතන නාහිමියෝ අපවත් අපවත් වෙයි..
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ විංශද් වර්ගික කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, උපාධ්‍යාය පූජ්‍ය ගොමගොඩ විමලකීර්ති ශ්‍රී සුමන ගුණරතන නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ අපවත් වී තිබෙනවා.
අපවත් වන විට උන්වහන්සේ ශාසනික හා සාමාජීය වශයෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකරමින් සිට තිබෙනවා.
අපවත් වනවිට නාහිමියන් මහනුවර ඓතිහාසික ශ්‍රී නාථ දේවාලය පුරාණ විහාරය, ගැටඹේ ශ්‍රී සුධර්මාරාමය විහාරය හා හීපිටිය පුරාණ බෝධිමළු විහාරය යන විහාරත්‍රයාධිපති ධුරය හොබවනු ලැබූ බව වාර්තා කළා.
එමෙන්ම මාතලේ ගලේවෙල ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධුරයද උන්වහන්සේ විසින් හොබවනු ලැබූ බව පසක් කර තිබෙනවා.
අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨතම හිමිනමකවූ උන්වහන්සේගේ අපවත් වීම ශාසනාලැදි කාගේත් බලවත් කණගාටුවට හේතුවෙලා තිබෙනවා.
අපවත් වූ නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දිනයේදී (11) පස්වරු 2.00ට ගැටඹේ නාගරික ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතවෙලා තිබෙනවා.