ලෝක මව්වරුන්ගේ දිනය අදයි! මහමෙරක් තරම් ආදරයක් දෙන මිහිපිට සිටින උතුම්ම දෙවියන්
Sunday, 10 May 2026 - 9:15 | Views - 136
"කුසදරා දසමසක් දෙතනේම කිරි දුන්න
අදුරු වූ දිවි මගට වාරුවක් ලැබ දුන්න
සප්ත මහ සාගරය තරම් සෙනහස දුන්න
නුඹ තරම් වෙන කවුද ලෝ තලේ මා නිවන"

ලෝක මව්වරුන්ගේ දිනය අදයි..

"අම්මා..."

වචන හතරකින් ලියන්න බැරි, ලෝකයක් තරම් ආදරයක් දෙන මෙලොව ඇති උතුම්ම චරිතය ඇයයි.

දසමසක් කුස හොවමින් ලේ කිරි කර පොවමින් මවක් දරුවෙක් රකින්නේ තම දෙනෙක් මෙනි.

ඇය තරම් දරුවන්ට සෙනෙහස රැකවරණය දෙන තැනැත්තියක් මිහිපිට නොමැති තරම්.

ලොව උතුම්ම පදවිය ලෙස සැලකෙන 'මව් පදවිය' උදෙසා උපහාර පුදන ලෝක මව්වරුන්ගේ දිනය අදට (10) යෙදී තිබෙනවා.

දස මසක් කුස දරා, ලේ කිරි කර පොවා, දරුවන්ගේ ලෝකය ආලෝකවත් කරන්නට තම ජීවිතයම කැප කරන මව්වරුන්ගේ ගුණය අගය කිරීම මෙදින සුවිශේෂත්වයයි.

ලොව බොහෝ රටවල් මැයි මාසයේ දෙවන ඉරිදා මව්වරුන්ගේ ඉරිදාව ලෙස සමරනවා. එය 1912 වසරේ සිට ඇරඹුනු බව ඉතිහාසයේ සඳහන්.

ලොව කිසිදිනෙක කිසිවකට සමකළ නොහැකි දෙයක් වේ නම් ඒ අම්මා පමණයි.

අම්මා ගෙදර බුදුන් පමණක් නොව ලොවම ජිවත් කරවන අපිරිමිත වස්තුවයි. දරු සෙනෙහස මහමෙරටත් වඩා දරාගෙන ඒ වෙනුවෙන් ජීවිතයම කැප කළ අම්මාගේ ගුණ සුවද වදන් වලට කැටිකල හැකි ද ?

උපන් දා සිට අම්මා ජීවිතය කරගත් අපට මව්වරුන්ගේ දිනය මහා සැමරුමක් නොවුණත් අම්මාගේ සෙනෙහස අමතක කළ අතලොස්සක ඇය වෙනුවෙන් කැප වීම මතක් කරන්නට අද දිනය වැදගත් වනවා නොඅනුමානයි.

දරුවන් වෙනුවෙන් දහසක් දුක් ගැහැට විඳින අම්මාගේ අපිරිමිත සෙනෙහස හුස්ම පොද පවතිනතුරු නිම නොවන යථාර්ථයක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top