තලපති විජේ තමිල්නාඩු මහ ඇමති ලෙස පත්කෙරේ.. දිවුරුම් දීම හෙට..
Saturday, 09 May 2026 - 21:43 | Views - 163
තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිවරයා ලෙස තමිල්ග වෙන්ට්‍රි කළගම් (TVK) පක්ෂයේ නායක, සුපිරි නළු විජේ පත් කිරීමට ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබෙනවා.

තමිල්නාඩු ආණ්ඩුකාර කාර්යාලය නිකුත් කළ නිල නිවේදනයකට අනුව, නව මහ ඇමතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය හෙට (10) ඉන්දීය වේලාවෙන් පෙරවරු 10.00 ට චෙන්නායිහි පිහිටි ජවහර්ලාල් නේරු ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති.

සෙසු පක්ෂ 5ක සහයෝගය ද සහිතව මන්ත්‍රීවරුන් 120ක බහුතර බලයක් තහවුරු කර ගැනීමෙන් පසු විජේ විසින් රජයක් පිහිටුවීමට කළ ඉල්ලීම සලකා බැලූ ආණ්ඩුකාරවරයා මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

දශක ගණනාවක් තමිල්නාඩු දේශපාලනය හෙබවූ ප්‍රධාන දේශපාලන ධාරාවන් අභිබවා විජේ ලබාගත් මෙම ජයග්‍රහණය ඉන්දීය දේශපාලනයේ දැවැන්ත පෙරළියක් ලෙසයි සැලකෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top