දේශීය අර්තාපල්වලට සහතික මිලක්.. හෙට සිට ගොවීන්ට හා පාරිභෝගිකයින්ට සතොසෙන් ලැබෙන වාසිය මෙන්න.
දේශීය අර්තාපල් අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් හෙට (10) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරලා තිබෙනවා.
ඒ අනුව දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220ක සහතික මිලක් යටතේ මිලදී ගැනීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කළා.
නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි කෘෂිකර්ම සමුපකාර සමිතියේ මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේදී මෙම කටයුතු හෙට ආරම්භ කරන බව වාර්තා කළා.
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා මෙලෙස මිලදී ගන්නා දේශීය අර්තාපල් ලංකා සතොස ජාලය හරහා පාරිභෝගිකයා වෙත සහන මිලකට ලබාදීමට රජය කටයුතු යොදා තිබෙනවා.
ගොවීන් මුහුණ දෙන අලෙවිකරණ ගැටලුවලට විසඳුම් ලබාදෙමින් පාරිභෝගිකයාටද සහන සැලසීම මෙහි ප්‍රධාන අරමුණ බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
මේ වැඩපිළිවෙළ සඳහා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ වෙළෙඳ ජාලයන්ද එක්ව කටයුතු කරන බව වාර්තා කළා.