රතුගල ආදිවාසී පරපුරට අලුත් නායකයෙක්.. නව නායකත්වයට සුදාවන්නිල ඇත්තන්ගේ පුත්‍රයා පත්කරයි.
Saturday, 09 May 2026 - 19:13 | Views - 88
අභාවප්‍රාප්ත රතුගල ආදිවාසී නායක සුදාවන්නිල ඇත්තන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ නායකත්වයට, ඔහුගේ පුත් දානිගල මහා බණ්ඩාරලාගේ නිශාන්ත කුමාර ඇත්තන් අද (09) පත්කරනු ලැබුවා.

මියගිය නායකයාගේ දේහය භූමිදානය කිරීමට පෙර පැවැති ආදිවාසී චාරිත්‍ර වාරිත්‍ර මධ්‍යයේ මේ සුවිශේෂී පත්වීම සිදුකර තිබෙනවා.

දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින්, මියගිය සුදාවන්නිල ඇත්තන් භාවිතා කළ පාරම්පරික දුන්න හා කෙටේරිය නව නායකයා වෙත භාරදීම මෙහිදී සිදුකරනු ලැබුවා.

ඒ අනුව රතුගල මීළඟ ආදිවාසී නායකයා ලෙස නිශාන්ත කුමාර ඇත්තන්ව නිල වශයෙන් ප්‍රකාශයට පත්කළා.

මියගිය නායකයාගේ අවසන් කටයුතු රතුගලදී ආදිවාසී චාරිත්‍රවලට මුල්තැන දෙමින් අද දින පවත්වනු ලැබුවා.

ඔහුගේ දේහය ඔහු ජීවත් වූ ඉඩමේම තැන්පත් කර ඇති අතර, මේ අවස්ථාවට දඹාන ඇතුළු අනෙකුත් ආදිවාසී ජනපදවල නායකයින් හා ඥාතීන් විශාල පිරිසක් සහභාගීවෙලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ඇය ඇත්තටම බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක්.ශෙනායා වැන්හොෆ්, මේ දවස්වල හිරු...
Hiru Tv Blog
කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් නිතරම කාගේත් අවධානය දිනාගන්නා, තමන්ගේම අනන්‍යතාවයකින්...
Hiru Tv Blog
ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි "Eurovision...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top