ආසන 120ක බහුතරයක් සමග තමිල්නාඩුවේ බලය අල්ලන්න තලපති විජේ සැරසෙයි..
Saturday, 09 May 2026 - 18:07 | Views - 164
තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලනයේ දැවැන්ත පෙරළියක් සිදු කරමින්, සුපිරි නළු තලපති විජේ නායකත්වය දරන TVK පක්ෂය නව රජයක් පිහිටුවීම සඳහා මේවන විට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා.
තමන් සතුව බහුතර බලය පවතින බව පවසමින් ඔහු ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා නිල වශයෙන් දැනුවත් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බලය පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය ඉක්මවා යමින් ආසන 120ක බලයක් තහවුරු කරගැනීමට ඔහු සමත්වෙලා තිබෙනවා.
තවත් දේශපාලන පක්ෂ 5ක් තලපති විජේ සමඟ සන්ධානගත වීමට කැමැත්ත පළකර ඇති අතර, ඊට අදාළ ලිඛිත ලේඛනද මේ වනවිට ආණ්ඩුකාරවරයා වෙත භාරදී ඇතිබව වාර්තා කළා.
මෑතකදී පැවැති තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී TVK පක්ෂය දැක්වූ සුවිශේෂී දක්ෂතාවය මුළු ඉන්දියාවේම අවධානයට ලක්වෙලා තිබෙනවා.
සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ පරදවමින් විජේ ලබාගත් මෙම ජයග්‍රහණය තමිල්නාඩුවේ නව යුගයක ආරම්භය වනු ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා තිබෙනවා.
ඉදිරි දින කිහිපය තුළ තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස තලපති විජේ දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය ආරංචි මාර්ග තහවුරු කළා.
Share This Article