බාල ගල්අඟුරු පාඩුව පියවන්න විදුලි බිලෙන් 'කප්පම්' ගන්නවා? විපක්ෂ නායකගෙන් විශේෂ ප්‍රකාශයක්..
Saturday, 09 May 2026 - 17:14 | Views - 90
බාල ගල්අඟුරු වංචාව හේතුවෙන් සිදුවූ පාඩුව පියවාගැනීම සඳහා රජය විදුලි බිල 18%කින් ඉහළ නංවා ව්‍යාපාරිකයන්ගෙන් හා කර්මාන්තකරුවන්ගෙන් ‘කප්පම්’ ලබාගනිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (09) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා.

එමෙන්ම, විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම අදහස් විමසූ අවස්ථාවේදී, සමගි ජන බලවේගය ඊට දැඩි ලෙස විරෝධය පළකළ බවයි විපක්ෂ නායකවරයා සිහිපත් කළේ.

දූෂිත ගල් අගුරු ජාවාරමේ බර පාරිභෝගිකයා මත නොපටවන ලෙස කළ යෝජනා නොතකා රජය හා කොමිසම මේ මිල වැඩි කිරීම ක්‍රියාත්මක කර ඇති බවට ඔහු චෝදනා කරනු ලැබුවා.

මේ මිල සංශෝධනය ඒකක 180ට වඩා වැඩියෙන් විදුලිය භාවිත කරන ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් ඉලක්ක කරගෙන සිදු කර ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා, මෙය රජය විසින් පවත්වාගෙන යන කප්පම් ගැනීමක් බවටද විවේචනය කරනු ලැබුවා.

එහිදී, බාල ගල් අගුරු නිසා විදුලිය නිෂ්පාදනය අඩුවීමත්, ඒ හේතුවෙන් අධික පිරිවැයක් සහිත ඉන්ධන බලාගාර වෙත යොමුවීමට සිදුවීමත් නිසා ඇතිවූ අලාභය මෙලෙස ජනතාව මත පටවා ඇති බව ඔහු පෙන්වා දුන්නේ.

"රටේ ආර්ථිකයට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට පවා අද මේ වංචාවේ වන්දිය ගෙවීමට සිදුව තිබෙනවා.

2/3ක බලයක් ජනතාව ලබා දුන්නේ මෙලෙස දූෂිත ව්‍යාපෘතිවල පාඩුව පියවීමට ජනතාවගෙන් කප්පම් ගැනීමට නොවේ" යැයි විපක්ෂ නායකවරයා අවධාරණය කළා.

මීට අමතරව, මෙම අසාධාරණ මිල වැඩි කිරීම හේතුවෙන් මෙරටට පැමිණීමට නියමිත සෘජු විදේශ ආයෝජන පවා අහිමි වී ආයෝජකයන් වෙනත් රටවල් කරා යොමු වීමේ දැඩි අවදානමක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ඇය ඇත්තටම බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක්.ශෙනායා වැන්හොෆ්, මේ දවස්වල හිරු...
Hiru Tv Blog
කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් නිතරම කාගේත් අවධානය දිනාගන්නා, තමන්ගේම අනන්‍යතාවයකින්...
Hiru Tv Blog
ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි "Eurovision...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top