අනිද්දා වනවිට අඩු පීඩන කලාපයක්.. දිවයින පුරා වැසි තීව්‍ර වෙද්දී ජනතාවට කළ විශේෂ දැනුම්දීම මෙන්න..
Saturday, 09 May 2026 - 15:55 | Views - 188
දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ රැසක වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් වර්ධනය වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරලා තිබෙනවා.

මේ හේතුවෙන් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තාවලට අනුව, දැනට පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය එළඹෙන මැයි 11 වැනිදා (අනිද්දා) වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බව වාර්තා කළා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස දිවයින පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් තීව්‍ර වන බව අනාවැකි පළකරලා තිබෙනවා.

පවතින මේ තත්ත්වය මත දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදීලා තිබෙනවා.

වර්ෂාවත් සමඟ ඇතිවිය හැකි තද සුළං හා අකුණු අනතුරු පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ඇය ඇත්තටම බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත චරිතයක්.ශෙනායා වැන්හොෆ්, මේ දවස්වල හිරු...
Hiru Tv Blog
කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යවලත් නිතරම කාගේත් අවධානය දිනාගන්නා, තමන්ගේම අනන්‍යතාවයකින්...
Hiru Tv Blog
ලෝකයේ මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් පිරිසක් ඉතා නොඉවසිල්ලෙන් බලා සිටි "Eurovision...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top