අනිද්දා වනවිට අඩු පීඩන කලාපයක්.. දිවයින පුරා වැසි තීව්‍ර වෙද්දී ජනතාවට කළ විශේෂ දැනුම්දීම මෙන්න..
දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ රැසක වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් වර්ධනය වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරලා තිබෙනවා.
මේ හේතුවෙන් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කළා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තාවලට අනුව, දැනට පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය එළඹෙන මැයි 11 වැනිදා (අනිද්දා) වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බව වාර්තා කළා.
මෙහි ප්‍රතිඵලයක් ලෙස දිවයින පුරා පවතින වැසි තත්ත්වය තවදුරටත් තීව්‍ර වන බව අනාවැකි පළකරලා තිබෙනවා.
පවතින මේ තත්ත්වය මත දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදීලා තිබෙනවා.
වර්ෂාවත් සමඟ ඇතිවිය හැකි තද සුළං හා අකුණු අනතුරු පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියා.