කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපතිට අල්ලස් දැලක්.. බත්තරමුල්ලේදී සිදුකළ මෙහෙයුමේ ඇත්තම විස්තරය මෙන්න.
Saturday, 09 May 2026 - 15:38 | Views - 146
රුපියල් මිලියන 3ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලබන මැයි මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කරලා තිබෙනවා.

සැකකරු අද (09) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ නියෝගය නිකුත් කළා.

කුරුණෑගල බස් නැවතුම්පොළ හා පොදු වැසිකිළි පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා මොහු විසින් මේ අල්ලස් මුදල ඉල්ලා ඇතිබව වාර්තා කළා.

බත්තරමුල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 30ක මුදල ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (08) ඔහුව කොටු කරගෙන තිබෙනවා.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වූ මොහු, පසුව බලය පිහිටුවීමේදී ජාතික ජන බලවේගයට සහාය දක්වා ඇති බව අනාවරණය වෙලා තිබෙනවා.

කෙසේවෙතත්, නීතිය ක්‍රියාත්මක කරමින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top