තලපති විජේගේ මහ ඇමති සිහිනයට බාධාවක්? ආසන 118 සම්පූර්ණ කරගැනීමට නොහැකි වීම නිසා දිවුරුම් දීම තවත් කල් යයි..
Saturday, 09 May 2026 - 15:12 | Views - 189
තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සුපිරි නළු තලපති විජේට සිය බහුතරය තහවුරු කරගැනීමට නොහැකිවීම හේතුවෙන් නව රජයක් පිහිටුවීම තවදුරටත් ප්‍රමාද වන බව වාර්තාවෙලා තිබෙනවා.
අද (09) දිනයේ ඔහු මහ ඇමති ලෙස දිවුරුම් දීමට සූදානමින් සිටියත්, පවතින නීතිමය ගැටලු හමුවේ එය කල්දමා ඇතිබව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ආසන 234කින් සමන්විත තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බහුතරය හිමිකර ගැනීමට ආසන 118ක් අවශ්‍ය වුවද, විජේගේ TVK පක්ෂයට දැනට හිමිව ඇත්තේ ආසන 116ක් පමණක් බව අනාවරණය වෙලා තිබෙනවා.
තමන්ට බහුතරය ඇති බව පවසමින් ඔහු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවුණත්, සහය දෙන බව කී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අවසන් මොහොතේ එය ප්‍රතික්ෂේප කර ඇතිබව වාර්තා කළා.
TVK පක්ෂයට සහය දෙන බව පැවසූ එක්තරා පක්ෂයක සාමාජිකයින් දෙදෙනෙකු තමන් එවැනි තීරණයක් ගෙන නොමැති බව ආණ්ඩුකාරවරයාට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, අවශ්‍ය බහුතරය වන ආසන 118 සම්පූර්ණ කර අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන තෙක් දිවුරුම් දීමේ අවස්ථාව ලබා දිය නොහැකි බව ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇතිබව වාර්තා කළා.
Share This Article