රතුගල ආදිවාසී නායකයාගේ අවසන් කටයුතු අදයි.. සම්පූර්ණ විස්තරය මෙන්න.
Saturday, 09 May 2026 - 14:49 | Views - 124
අභාවප්රාප්ත රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන්ගේ අවසන් කටයුතු අද (09) පස්වරුවේ සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා.
වැලිසර ලය රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්රාප්ත වන විට 62 හැවිරිදි වියේ පසුවුණා.
සුදා වන්නිල ඇත්තන්ගේ දේහය මේ වනවිට රතුගල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කරලා තිබෙනවා.
එහිදී දක්නට ලැබුණු විශේෂත්වය වන්නේ ආදිවාසී ජනතාවට ආවේණික වූ හික් ශාකයේ පොතු භාවිතකර නිම කරන ලද විශේෂ පෙට්ටියක මෘත දේහය තැන්පත් කර තිබීමයි.
සිය පාරම්පරික සිරිත් විරිත්වලට ගරු කරමින් මේ කටයුතු සිදුකළ බව වාර්තා කළා.
රතුගල ආදිවාසී ජනතාවගේ අභිමානය වෙනුවෙන් පෙනී සිටි නායකයෙකු ලෙස සුදා වන්නිල ඇත්තන් ප්රචලිතව සිටි බව වාර්තා වුණා.
ඔහුගේ අභාවය සමස්ත ආදිවාසී පරපුරටම දැවැන්ත අඩුවක්.. මේ වනවිට අවට ප්රදේශවාසීන් විශාල පිරිසක් ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටිනවා.
Share This Article