රතුගල ආදිවාසී නායකයාගේ අවසන් කටයුතු අදයි.. සම්පූර්ණ විස්තරය මෙන්න.
Saturday, 09 May 2026 - 14:49 | Views - 125
අභාවප්‍රාප්ත රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන්ගේ අවසන් කටයුතු අද (09) පස්වරුවේ සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා.

වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වන විට 62 හැවිරිදි වියේ පසුවුණා.

සුදා වන්නිල ඇත්තන්ගේ දේහය මේ වනවිට රතුගල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කරලා තිබෙනවා.

එහිදී දක්නට ලැබුණු විශේෂත්වය වන්නේ ආදිවාසී ජනතාවට ආවේණික වූ හික් ශාකයේ පොතු භාවිතකර නිම කරන ලද විශේෂ පෙට්ටියක මෘත දේහය තැන්පත් කර තිබීමයි.

සිය පාරම්පරික සිරිත් විරිත්වලට ගරු කරමින් මේ කටයුතු සිදුකළ බව වාර්තා කළා.

රතුගල ආදිවාසී ජනතාවගේ අභිමානය වෙනුවෙන් පෙනී සිටි නායකයෙකු ලෙස සුදා වන්නිල ඇත්තන් ප්‍රචලිතව සිටි බව වාර්තා වුණා.

ඔහුගේ අභාවය සමස්ත ආදිවාසී පරපුරටම දැවැන්ත අඩුවක්.. මේ වනවිට අවට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top