විදුලි ගාස්තු යළිත් ඉහළට! ඒකක 180ට වැඩි අයට 18%ක වැඩිවීමක්.. අලුත්ම විදුලි ගාස්තු සටහන මෙන්න..
Saturday, 09 May 2026 - 14:46 | Views - 104
මෙරට විදුලි පරිභෝජනය ඒකක 180 ඉක්මවන පාරිභෝගිකයන් සඳහා විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබාදී තිබෙනවා.
මේ වසරේ දෙවන කාර්තුවේ ඉතිරි කොටස හා තුන්වන කාර්තුව සඳහා මේ ගාස්තු සංශෝධනය බලපැවැත්වෙන බව එම කොමිසමේ සභාපති මහාචාර්ය කේ. පී. එල් චන්ද්‍රලාල් ප්‍රකාශ කළා.
ඒකක 180ට වැඩි කාණ්ඩ යටතේ ගාස්තු වැඩිවන ආකාරය මෙලෙස සටහන් කර ඇතිබව කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සභාපතිවරයා පෙන්වා දුන්නා.
ඒකක 180 - 210 දක්වා රුපියල් 1,760.00ක් ද, ඒකක 210 - 240 දක්වා රුපියල් 2,210.00ක් ද, ඒකක 240 - 270 දක්වා රුපියල් 2,660.00ක් ද හා ඒකක 300ට වැඩි නම් රුපියල් 3,110.00ක් ද ගාස්තු වැඩි වනබව වාර්තා කළා.
කෙසේ වෙතත්, ඒකක 0 සිට 180 දක්වා විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන් සඳහා කිසිදු ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවන බව සභාපතිවරයා තහවුරු කරලා තිබෙනවා.
සාමාන්‍ය ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් එම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article