එළවළු මිල අහස උසට.. ඉල්ලුමට සරිලන සැපයුමක් නැතිව පාරිභෝගිකයෝ අමාරුවේ..
Friday, 08 May 2026 - 17:37 | Views - 163
මෙරට වෙළෙඳපොළ තුළ උඩරට හා පහතරට එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතිබව වාර්තාවෙලා තිබෙනවා.

පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීම මේ මිල ඉහළ යෑමට ප්‍රධානතම හේතුව බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය වෙත අනාවරණය කළා.

ගොවීන් පවසන පරිදි මේ වනවිට සිල්ලර වෙළෙඳපොළේ බෝංචි කිලෝවක් රුපියල් 500ක් ද, කැරට් කිලෝවක් රුපියල් 450ක් ද, මාළු මිරිස් කිලෝවක් රුපියල් 400ක් ද, ලීක්ස් කිලෝවක් රුපියල් 300ක් ද, ගෝවා කිලෝවක් රුපියල් 200ක් ලෙස එළවළු අලෙවි වන මිල ගණන් සටහන් කරලා තිබෙනවා.

මේ මාසය තුළ වෙළෙඳපොළට එළවළු ලැබීම සීමාවී ඇති අතර, ඒ හේතුවෙන් මිල මෙලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා කළා.

පවතින තත්ත්වය හමුවේ එදිනෙදා පරිභෝජනය සඳහා එළවළු මිලදී ගැනීමට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කරලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top