එළවළු මිල අහස උසට.. ඉල්ලුමට සරිලන සැපයුමක් නැතිව පාරිභෝගිකයෝ අමාරුවේ..
Friday, 08 May 2026 - 17:37 | Views - 164
මෙරට වෙළෙඳපොළ තුළ උඩරට හා පහතරට එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතිබව වාර්තාවෙලා තිබෙනවා.
පවතින ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීම මේ මිල ඉහළ යෑමට ප්‍රධානතම හේතුව බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශය වෙත අනාවරණය කළා.
ගොවීන් පවසන පරිදි මේ වනවිට සිල්ලර වෙළෙඳපොළේ බෝංචි කිලෝවක් රුපියල් 500ක් ද, කැරට් කිලෝවක් රුපියල් 450ක් ද, මාළු මිරිස් කිලෝවක් රුපියල් 400ක් ද, ලීක්ස් කිලෝවක් රුපියල් 300ක් ද, ගෝවා කිලෝවක් රුපියල් 200ක් ලෙස එළවළු අලෙවි වන මිල ගණන් සටහන් කරලා තිබෙනවා.
මේ මාසය තුළ වෙළෙඳපොළට එළවළු ලැබීම සීමාවී ඇති අතර, ඒ හේතුවෙන් මිල මෙලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා කළා.
පවතින තත්ත්වය හමුවේ එදිනෙදා පරිභෝජනය සඳහා එළවළු මිලදී ගැනීමට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කරලා තිබෙනවා.
Share This Article