සිංහ පැටවුන් බලන්න යන්න ලෑස්තිද? දෙහිවල සත්වෝද්‍යානයෙන් ලබාදුන් විශේෂ වෙලාව මෙන්න.
Friday, 08 May 2026 - 17:11 | Views - 130
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහ යුවළට දාව උපත ලැබූ සිංහ පැටවුන් දෙදෙනා අද සිට මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරලා තිබෙනවා.

නත්තල් දිනට පෙර දින, එනම් 2025 දෙසැම්බර් 24 වැනිදා උපත ලැබූ මේ සිංහ පැටවුන් දෙදෙනා නැරඹීමට දැන් සත්වෝද්‍යානයට පැමිණෙන ජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා.

මේ පුංචි සිංහ පැටවුන් දෙදෙනා දැකබලා ගැනීමට කැමති අමුත්තන් සඳහා දිනපතා උදෑසන 10.00 සිට 11.30 දක්වා පමණක් අවස්ථාව ලබාදීමට සත්වෝද්‍යාන බලධාරීන් පියවරගෙන තිබෙනවා.

පැටවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා ආරක්ෂාව සලකා මේ කාලසීමාව වෙන් කළ බව සත්වෝද්‍යාන ආරංචි මාර්ග සඳහන් කළා.

මේ නව සාමාජිකයන් දෙදෙනාත් සමඟ දෙහිවල ජාතික සත්වෝද්‍යානය හා හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය සතුව දැනට සිටින සමස්ත සිංහයන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් ප්‍රකාශ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top