සිංහ පැටවුන් බලන්න යන්න ලෑස්තිද? දෙහිවල සත්වෝද්‍යානයෙන් ලබාදුන් විශේෂ වෙලාව මෙන්න.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන සිංහ යුවළට දාව උපත ලැබූ සිංහ පැටවුන් දෙදෙනා අද සිට මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරලා තිබෙනවා.
නත්තල් දිනට පෙර දින, එනම් 2025 දෙසැම්බර් 24 වැනිදා උපත ලැබූ මේ සිංහ පැටවුන් දෙදෙනා නැරඹීමට දැන් සත්වෝද්‍යානයට පැමිණෙන ජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා.
මේ පුංචි සිංහ පැටවුන් දෙදෙනා දැකබලා ගැනීමට කැමති අමුත්තන් සඳහා දිනපතා උදෑසන 10.00 සිට 11.30 දක්වා පමණක් අවස්ථාව ලබාදීමට සත්වෝද්‍යාන බලධාරීන් පියවරගෙන තිබෙනවා.
පැටවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා ආරක්ෂාව සලකා මේ කාලසීමාව වෙන් කළ බව සත්වෝද්‍යාන ආරංචි මාර්ග සඳහන් කළා.
මේ නව සාමාජිකයන් දෙදෙනාත් සමඟ දෙහිවල ජාතික සත්වෝද්‍යානය හා හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය සතුව දැනට සිටින සමස්ත සිංහයන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් ප්‍රකාශ කර තිබෙනවා.