ලංකාවේ නිවාස තුළ සැඟවී සිටින විදේශීය අපරාධකරුවන්ගේ වැඩිවීමක්.. ගෙවල් කුලියට දෙනකොට බලාගෙනයි
Friday, 08 May 2026 - 16:24 | Views - 141
ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් විදේශිකයන් පිරිසක් සිදුකරන මහා පරිමාණ පරිගණක හා සයිබර් අපරාධ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එම්.යූ. වුට්ලර් ඊයේ දිනයේ (07) අනාවරණය කරලා තිබෙනවා.

මේ හේතුවෙන් නිවාස හෝ ගොඩනැගිලි කුලියට දීමේදී අතිශය විචක්ෂණශීලීවන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

2024 වසරට වඩා 2025 හා 2026 වසරවලදී මෙරට සයිබර් අපරාධවල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව පොලිසිය පෙන්වාදී තිබෙනවා.

මහජනතාව වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා වංචාකරුවන් මෙලෙස මෙරට තුළ සිය ජාලය ව්‍යාප්ත කර ඇතිබව වාර්තා කළා.

2026 ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළ පමණක් විවිධ වැරදි සම්බන්ධයෙන් විදේශිකයන් 628 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්දීය, වියට්නාම, චීන, මියන්මාර්, පිලිපීන හා කාම්බෝජ ජාතිකයන් සිටින බව වාර්තා කළා.

කුරුඳුවත්ත, ගල්කිස්ස, මීගමුව, හලාවත හා පෝද්දල වැනි ප්‍රදේශවලින් මේ සැකකරුවන් වැඩි වශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ නිවස, හෝටලය හෝ ගොඩනැගිල්ල විදේශිකයන්ට කුලියට ලබාදෙන්නේ නම් ඒ පිළිබඳව වහාම ප්‍රදේශයේ පොලිසිය දැනුවත් කරන ලෙස උපදෙස්දී තිබෙනවා.

යම් හෙයකින් ඔබේ පරිශ්‍රය තුළ සිට යම් අපරාධයක් සිදුවුවහොත්, එහි වගකීමෙන් නිදහස් වීමට නිවාස හිමියන්ට නොහැකිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top