වසර 11කට පසු විදේශ රාජ්‍ය නායකයෙක් අපේ පාර්ලිමේන්තුව අමතයි.. පාර්ලිමේන්තුවේ අද මොකද වුණේ?
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරට දෙදින නිල සංචාරයක නිරතවන වියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භකර තිබෙනවා.
විදේශීය රාජ්‍ය නායකයෙකු මෙරට පාර්ලිමේන්තුව අමතන වසර 11කට පසු උදාවූ පළමු අවස්ථාව මෙය බව වාර්තාවුණා.
අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වා තිබෙනවා.
ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි ජනාධිපතිවරයා ඇතුළු 209 දෙනෙකුගෙන් යුත් දූත පිරිස කටුනායක ගුවන් තොටුපළේදී පිළිගැනීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කටයුතු කළා.
2015 වසරෙන් පසු විදේශීය රාජ්‍ය නායකයෙකු පාර්ලිමේන්තුව අමතන පළමු අවස්ථාව මෙය වීම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ අද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා.
වියට්නාම ජනපතිවරයා හෙට දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.
වියට්නාම ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව අද හා හෙට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනබව රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරලා තිබෙනවා.