වසර 11කට පසු විදේශ රාජ්‍ය නායකයෙක් අපේ පාර්ලිමේන්තුව අමතයි.. පාර්ලිමේන්තුවේ අද මොකද වුණේ?
Friday, 08 May 2026 - 15:07 | Views - 191
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරට දෙදින නිල සංචාරයක නිරතවන වියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භකර තිබෙනවා.

විදේශීය රාජ්‍ය නායකයෙකු මෙරට පාර්ලිමේන්තුව අමතන වසර 11කට පසු උදාවූ පළමු අවස්ථාව මෙය බව වාර්තාවුණා.

අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි ජනාධිපතිවරයා ඇතුළු 209 දෙනෙකුගෙන් යුත් දූත පිරිස කටුනායක ගුවන් තොටුපළේදී පිළිගැනීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කටයුතු කළා.

2015 වසරෙන් පසු විදේශීය රාජ්‍ය නායකයෙකු පාර්ලිමේන්තුව අමතන පළමු අවස්ථාව මෙය වීම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ අද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා.

වියට්නාම ජනපතිවරයා හෙට දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

වියට්නාම ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව අද හා හෙට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනබව රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top