"අපි ගියා නම් කෝච්චියත් යට වෙනවා" දිට්වා සුළි කුණාටුව මැද සිය ගණනකගේ ජීවිත බේරාගත් නිහඬ වීරයාගේ හෙළිදරව්ව..
Friday, 08 May 2026 - 11:42 | Views - 93
දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇතිවූ දරුණු නායයෑම් හමුවේ දුම්රිය මගීන් සිය ගණනකගේ ජීවිත මෙන්ම කෝටි ගණනක් වටිනා දුම්රියක් බේරාගත් සැබෑ වීරයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා.

ඔහු වෙනුවෙන් නොව, වෘත්තීය පළපුරුද්ද මත ගත් තීරණයක් නිසා අද බොහෝ පිරිසක් ජීවතුන් අතර සිටින බව වාර්තා කළා.

2025 නොවැම්බර් 27 වන දා පස්වරු 2.06ට මහනුවරින් පිටත්වූ දුම්රියට නාවලපිටිය බලායාමට නොහැකි වූයේ මඟ හරස් කළ මහා පස් කඳු නිසයි.

මගීන් 150ක් පමණ සිටි මේ දුම්රිය මෙහෙයවනු ලැබුවේ වසර 44ක පළපුරුද්දක් ඇති ප්‍රවීණ රියැදුරු ජයම්පති මඩිගසේකර විසිනුයි.

"එකපාරටම පස් කන්දක් කඩාගෙන ඇවිත් කොච්චියේ වැදුණා. මම දැක්කා තව අඩි 40ක විතර ගස් දෙකක් එනවා. මම වහාම හෙඩ් ගාඩ්ට කියලා මගීන්ව පස්සට යැව්වා" යැයි ඔහු පැවසුවා.

පස් කන්දට හසුවූ දුම්රිය වහාම පසුපසට ගැනීමට ඔහු කටයුතු කරලා තිබෙනවා. ඔහු දුම්රිය පසුපසට ගෙන තත්පර කිහිපයකින් මුළු දුම්රිය මාර්ගයම නාය ගොස් අඩි 40ක ප්‍රපාතයක් නිර්මාණය වූ බව වාර්තාකළා.

දුම්රිය ගම්පොළට හෝ නාවලපිටියට ගෙන යාමට නොහැකිවන සේ දෙපසින්ම මාර්ගය අවහිර වීම නිසා, දුම්රිය වරකාපිටිය ප්‍රදේශයේ ආරක්ෂිතව නතර කිරීමට රියැදුරු ඇතුළු කාර්ය මණ්ඩලය තීරණය කරලා තිබෙනවා.

එහිදී දුම්රිය කාර්ය මණ්ඩලය දින 4ක් සන්නිවේදනයෙන් තොරව දුම්රිය මැදිරි තුළ දිවි ගෙවා තිබෙනවා.

ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ලබාදීමට කටයුතු කළා.

රියැදුරාගේ නිවැරදි තීරණය නිසා මගීන් මෙන්ම කෝටි ගණනක දුම්රිය දේපළද බේරාගැනීමට හැකිවෙලා තිබෙනවා.

"අපි එදා රෑ ගම්පොළට යන්න හැදුවේ. ඒත් යන්න බැරි වුණා. පස්සේ දැනගත්තේ ගම්පොළ අඩි 30ක් විතර ජලයෙන් යට වුණා කියලා. එහේ ගියා නම් කොච්චියත් යටවෙනවා" යැයි ජයම්පති පැවසුවා.

මේ වනවිටත් මේ දුම්රිය එම ස්ථානයේම නතර කර ඇති අතර, එය ආරක්ෂා කිරීමට නිලධාරීන් යොදවා ඇතිබව වාර්තා කළා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
කාලයක් පුංචි තිරයේ ටෙලිනාට්‍ය රැසක් හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් සුරූපී...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top