ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටියේ නිවසකින් හමුවෙයි.. මුළු රටම කතාවෙන අබිරහස් මරණය..
Friday, 08 May 2026 - 10:43 | Views - 81
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

ඔහු මියයන විට ඔහු සම්බන්ධයෙන් අධිකරණය දැඩි නීතිමය තීරණ කිහිපයක් ගෙන තිබූ බව වාර්තා කළා.

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත්තේ යැයි කියන සිද්ධියට අදාළව සැකකරුවෙකු ලෙස නම්කර සිටි කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ (07) වරෙන්තු නිකුත් කරලා තිබෙනවා.

නුසුදුසු ඇපකරුවන් ඉදිරිපත් කරමින් ඇප කොන්දේසි උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා මත මේ වරෙන්තුව නිකුත් කළබව වාර්තා කළා.

කපිල චන්ද්‍රසේන වෙනුවෙන් කිසිදු හිතවත්කමක් නොමැති පුද්ගලයින් දෙදෙනෙකු රුපියල් 15,000ක මුදලකට ඇපකරුවන් ලෙස පෙනී සිට ඇති බව අනාවරණය වෙලා තිබෙනවා.

"දේවා" හා "තිස්ස" යන අයගේ ඉල්ලීම මත මේ පුද්ගලයින් මුදලට ඇප වී ඇති බවත්, ඔවුන්ට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති බවත් පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළා.

මේ වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා මැයි 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය පියවර තිබෙනවා.

2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා 10ක් මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන, රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මීට පෙර නිදහස් කරලා තිබෙනවා.

කෙසේවෙතත්, ඇපකරුවන් සම්බන්ධ සැකය මත ඔහුගේ ඇප අවලංගු කර යළි බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් මත නඩු විභාගය පැවැත්වෙමින් තිබූ බව වාර්තාවුණා.

මෙවැනි පසුබිමක ඔහුගේ සිරුර හමුවීම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කරලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
කාලයක් පුංචි තිරයේ ටෙලිනාට්‍ය රැසක් හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් සුරූපී...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top