හෙට දින පාසල් 4ක් හදිස්සියේම වසා දමයි.. පාසල් සිසුන් අතර සීඝ්‍රයෙන් පැතිර යන රෝගයක් ගැන හෙලිදරව්වක්..
Thursday, 07 May 2026 - 17:25 | Views - 109
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක දරුවන් හා ගුරුවරුන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් එම පාසල් හෙට (08) දින වසා තැබීමට තීරණය කරලා තිබෙනවා.
 
සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් නිර්දේශ මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ පියවරගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ ප්‍රකාශ කළා.

පවතින සෞඛ්‍ය අවදානම සලකා බලා දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය, පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල් හෙට දින වසා තැබීමට බලධාරීන් කටයුතු කරලා තිබෙනවා.

අදාළ පාසල්වල සිසුන් හා ගුරුවරුන් විශාල පිරිසකට මේ උණ රෝගය වැළඳී ඇතිබව වාර්තා කරලා තිබෙනවා.

මේ හේතුවෙන් තවදුරටත් රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශවල උපදෙස් මත පාසල් තාවකාලිකව වසා දැමීමට පියවරගත් බව කලාප අධ්‍යක්ෂිකාව තහවුරු කළා.

තම දරුවන්ට යම් හෙයකින් උණ, කැස්ස හෝ වෙනත් රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා.

එසේම රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙසද බලධාරීන් අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
කාලයක් පුංචි තිරයේ ටෙලිනාට්‍ය රැසක් හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් සුරූපී...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top