හෙට දින පාසල් 4ක් හදිස්සියේම වසා දමයි.. පාසල් සිසුන් අතර සීඝ්‍රයෙන් පැතිර යන රෝගයක් ගැන හෙලිදරව්වක්..
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක දරුවන් හා ගුරුවරුන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් එම පාසල් හෙට (08) දින වසා තැබීමට තීරණය කරලා තිබෙනවා.
සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් නිර්දේශ මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ පියවරගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ ප්‍රකාශ කළා.
පවතින සෞඛ්‍ය අවදානම සලකා බලා දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය, පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල් හෙට දින වසා තැබීමට බලධාරීන් කටයුතු කරලා තිබෙනවා.
අදාළ පාසල්වල සිසුන් හා ගුරුවරුන් විශාල පිරිසකට මේ උණ රෝගය වැළඳී ඇතිබව වාර්තා කරලා තිබෙනවා.
මේ හේතුවෙන් තවදුරටත් රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශවල උපදෙස් මත පාසල් තාවකාලිකව වසා දැමීමට පියවරගත් බව කලාප අධ්‍යක්ෂිකාව තහවුරු කළා.
තම දරුවන්ට යම් හෙයකින් උණ, කැස්ස හෝ වෙනත් රෝග ලක්ෂණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා.
එසේම රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි අනුගමනය කරන ලෙසද බලධාරීන් අවධාරණය කළා.