ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ බලන්න නාමල් යයි.. නිවසටම ගොස් සුවදුක් විමසූ හැටි මෙන්න..
Thursday, 07 May 2026 - 15:53 | Views - 150
මෙරට ජන සංගීත ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් ඉටුකළ ප්‍රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ ශූරීන්ගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.
රෝහණ බැද්දගේ ශූරීන් සමඟ සුහද කතාබහක නිරතවූ මන්ත්‍රීවරයා, එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද විශේෂයෙන් සොයා බැලීමට කටයුතු කළා.
මේ සුහද හමුව අතරතුරදී රෝහණ බැද්දගේ ශූරීන් විසින් කවියට නගන ලද "ධම්මපද ගාථා කාව්‍ය" ග්‍රන්ථය නාමල් රාජපක්ෂ වෙත පිළිගන්වා තිබෙනවා.
සිය කලා ජීවිතයේ අත්දැකීම් මෙන්ම වර්තමාන කලා ක්ෂේත්‍රය පිළිබඳවද මෙහිදී දෙදෙනා අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
නාමල් රාජපක්ෂ සමඟ මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ලලිත් වර්ණ කුමාර, සංජීව එදිරිමාන්න හා හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිලීප් වීරක්කොඩි ඇතුළු පිරිසක් සහභාගී වෙලා තිබෙනවා.
ප්‍රවීණ කලාකරුවාට උපහාරයක් ලෙස ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයට ශක්තියක් වෙමින් මේ සංචාරය සිදුකළ බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
Share This Article