රයිස් හා බුරියානි මිලට එකපාරටම මොකද වුණේ..අද ඉඳන් සාක්කුවට දැනෙන වෙනසක්..
Thursday, 07 May 2026 - 14:54 | Views - 103
මෙරට ආපනශාලා කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරමින්, අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රයිස්, බුරියානි හා නාසිගුරාන් මිල රුපියල් 25.00කින් ඉහළ දැමීමට තීරණය කරලා තිබෙනවා.

සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළා.

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් (Laugfs Gas) සිලින්ඩරයක මිල ඉහළ යාම මේ තීරණයට ප්‍රධාන හේතුව වෙලා තිබෙනවා.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවට සභාපතිවරයා මෙහිදී චෝදනා කළා.

සිය ජාලය තුළ සිටින ආපනශාලා හිමියන්ගෙන් සියයට 25ත් 30ත් අතර පිරිසක් ලාෆ් ගෑස් භාවිත කරන බවද ඔහු අනාවරණය කළා.

ප්‍රධාන ආහාර වේල්වලට අමතරව තේ කෝප්පයක මිල රුපියල් 5.00කින් හා කිරි තේ කෝප්පයක මිල රුපියල් 10.00කින් ඉහළ දැමීමට පියවරගෙන තිබෙනවා.

එසේම පවතින තත්ත්වය හමුවේ කෙටි ආහාර (Short Eats) මිල ද රුපියල් 5.00කින් ඉහළ දැමීමට කටයුතු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

පවතින අධික මිල ඉහළ යාම හේතුවෙන් මෙරට ආපනශාලා කර්මාන්තයට දැඩි හානියක් සිදුව ඇතිබව වාර්තා කරලා තිබෙනවා.

මේ තත්ත්වය හමුවේ සාමාන්‍ය ගෘහණිය පවා දැඩි අගතියට පත්වූ බවත්, පාරිභෝගිකයාට මේ බර දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බවත් සභාපතිවරයා අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top