රතුගල ආදිවාසී නායකයා මෙලොව හැරයයි.. ආදිවාසී පරපුරටම අහිමිවුණු ඒ සුවිශේෂී නායකයා ගැන සම්පූර්ණ විස්තරය මෙන්න.
රතුගල ආදිවාසී ජනතාවගේ ගෞරවාදරයට පාත්රවූ නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තන් ගැන කණගාටුදායක පුවතක් වාර්තාවුණා.
මියයන විට ඔහු 62 හැවිරිදි වියේ පසුවූ අතර, වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දින අභාවප්‍රාප්තවී තිබෙනවා.
මොණරාගල - බිබිල ප්‍රදේශයේ පිහිටි රතුගල ආදිවාසි ගම්මානයේ නායකයා ලෙස ඔහු දීර්ඝ කාලයක් කටයුතු කළා.
තමන්ගේ අනන්‍යතාවය හා සංස්කෘතිය රැකගැනීම වෙනුවෙන් පෙනීසිටි නායකයෙකු ලෙස සුදා වන්නිල ඇත්තන් ප්‍රදේශවාසීන් අතර මෙන්ම මුළු රටේම අවධානයට ලක්වුණු චරිතයක්.
හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි ඔහුගේ අභාවය සම්බන්ධයෙන් රතුගල ගම්මානයේ වැසියන් මෙන්ම කලාපයේ බොහෝ පිරිසක් සිය ශෝකය පළකර සිටිනවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී රතුගල ආදිවාසි ගම්මානයේදී සිදුකිරීමට නියමිතයි.