රතුගල ආදිවාසී නායකයා මෙලොව හැරයයි.. ආදිවාසී පරපුරටම අහිමිවුණු ඒ සුවිශේෂී නායකයා ගැන සම්පූර්ණ විස්තරය මෙන්න.
Thursday, 07 May 2026 - 10:58 | Views - 259
රතුගල ආදිවාසී ජනතාවගේ ගෞරවාදරයට පාත්‍රවූ නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තන් ගැන කණගාටුදායක පුවතක් වාර්තාවුණා.

මියයන විට ඔහු 62 හැවිරිදි වියේ පසුවූ අතර, වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දින අභාවප්‍රාප්තවී තිබෙනවා.

මොණරාගල - බිබිල ප්‍රදේශයේ පිහිටි රතුගල ආදිවාසි ගම්මානයේ නායකයා ලෙස ඔහු දීර්ඝ කාලයක් කටයුතු කළා.

තමන්ගේ අනන්‍යතාවය හා සංස්කෘතිය රැකගැනීම වෙනුවෙන් පෙනීසිටි නායකයෙකු ලෙස සුදා වන්නිල ඇත්තන් ප්‍රදේශවාසීන් අතර මෙන්ම මුළු රටේම අවධානයට ලක්වුණු චරිතයක්.

හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටි ඔහුගේ අභාවය සම්බන්ධයෙන් රතුගල ගම්මානයේ වැසියන් මෙන්ම කලාපයේ බොහෝ පිරිසක් සිය ශෝකය පළකර සිටිනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී රතුගල ආදිවාසි ගම්මානයේදී සිදුකිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top