නොසිතු නිමේෂයක අවාසනාවන්ත ලෙස මෙලොව හැරගිය මවක් හා පුතෙකු ගැන ඇසෙන සංවේදී පුවතක්..
Wednesday, 06 May 2026 - 17:01 | Views - 217
රත්නපුර - පැල්මඩුල්ල මාර්ගයේ පාතකඩ හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරකින් මවක හා පුතෙකු ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.

අද (06) දින සිදුවූ මේ අනතුරින් මුළු ප්‍රදේශයම කම්පනයට පත්වෙලා තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ 49 හැවිරිදි මව හා ඇයගේ 28 හැවිරිදි පුත්‍රයා බව පොලිසිය තහවුරු කරලා තිබෙනවා.

මොවුන් හාලිඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථය ලොරි රථයක ගැටීමෙන් මේ අවාසනාවන්ත මරණ සිදුවී ඇති බවත් පොලිසිය සඳහන් කළා.

මේ අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් පසුවෙනවා. රියදුරුගේ තත්ත්වය තවමත් බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පැල්මඩුල්ල පොලිසිය විසින් ලොරි රථයේ රියදුරු හා රිය සහායක අත්අඩංගුවට ගැනීමට පියවරගෙන තිබෙනවා.

අනතුර සිදුවූ ආකාරය හා ඊට හේතුව පිළිබඳව වැඩිදුර විමර්ශන පැල්මඩුල්ල පොලිසිය මගින් ක්‍රියාත්මක කරලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top