"රාජකාරි බහුලයි, මානසික පීඩනය වැඩියි" පොලිස් කොස්තාපල්වරයෙක් ගත්ත හදිසි තීරණය මෙන්න..
Wednesday, 06 May 2026 - 16:24 | Views - 204
රාජකාරි බහුලත්වය හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකට පත්වූ බව පවසමින්, පයාගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය නිල ඇඳුම් පොලිස් ස්ථානයේ දමා සේවය හැරගොස් තිබෙනවා.

මෙසේ සේවය හැරගොස් ඇත්තේ 26 හැවිරිදි මළිඳු දිල්හාර නම් නිලධාරියෙක්..

අංක 107821 දරන මේ කොස්තාපල්වරයා ඊයේ (05) දින පොලිස් ස්ථානයේ දෛනික සටහන් පොතේ (IB) විශේෂ සටහනක් තබා තිබෙනවා.

රාජකාරි කටයුතු අධික වීම නිසා තමන් දැඩි මානසික පීඩනයකින් පසුවන බව එහි සඳහන් කර ඇති ඔහු, අනතුරුව තමන් සතු නිල ඇඳුම් හා උපකරණ පොලිස් ස්ථානය තුළම දමා පිටවගොස් ඇතිබව තහවුරු කළා.

පිටිගල, ඉදිපලේගොඩ ප්‍රදේශයේ පදිංචි මේ නිලධාරියා 2025 ජුනි මස 08 වැනිදා පොලිස් සේවයට එක්වෙලා තිබෙනවා.

ඔහු පයාගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයට වාර්තා කර ඇත්තේ පසුගිය ජනවාරි මස 21 වැනිදා බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

පොලිස් නිලධාරියෙකු මෙලෙස නිල ඇඳුම් දමා සේවය හැරයාම සම්බන්ධයෙන් පයාගල පොලිසිය විශේෂ විමර්ශනයක් සිදුකරන අතර නිලධාරියා පත්ව සිටි මානසික පීඩනයට බලපෑ නිශ්චිත හේතු සාධක හා ඔහු දැනට සිටින ස්ථානය පිළිබඳව සොයාබැලීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top