"රාජකාරි බහුලයි, මානසික පීඩනය වැඩියි" පොලිස් කොස්තාපල්වරයෙක් ගත්ත හදිසි තීරණය මෙන්න..
රාජකාරි බහුලත්වය හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකට පත්වූ බව පවසමින්, පයාගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය නිල ඇඳුම් පොලිස් ස්ථානයේ දමා සේවය හැරගොස් තිබෙනවා.
මෙසේ සේවය හැරගොස් ඇත්තේ 26 හැවිරිදි මළිඳු දිල්හාර නම් නිලධාරියෙක්..
අංක 107821 දරන මේ කොස්තාපල්වරයා ඊයේ (05) දින පොලිස් ස්ථානයේ දෛනික සටහන් පොතේ (IB) විශේෂ සටහනක් තබා තිබෙනවා.
රාජකාරි කටයුතු අධික වීම නිසා තමන් දැඩි මානසික පීඩනයකින් පසුවන බව එහි සඳහන් කර ඇති ඔහු, අනතුරුව තමන් සතු නිල ඇඳුම් හා උපකරණ පොලිස් ස්ථානය තුළම දමා පිටවගොස් ඇතිබව තහවුරු කළා.
පිටිගල, ඉදිපලේගොඩ ප්රදේශයේ පදිංචි මේ නිලධාරියා 2025 ජුනි මස 08 වැනිදා පොලිස් සේවයට එක්වෙලා තිබෙනවා.
ඔහු පයාගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයට වාර්තා කර ඇත්තේ පසුගිය ජනවාරි මස 21 වැනිදා බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.
පොලිස් නිලධාරියෙකු මෙලෙස නිල ඇඳුම් දමා සේවය හැරයාම සම්බන්ධයෙන් පයාගල පොලිසිය විශේෂ විමර්ශනයක් සිදුකරන අතර නිලධාරියා පත්ව සිටි මානසික පීඩනයට බලපෑ නිශ්චිත හේතු සාධක හා ඔහු දැනට සිටින ස්ථානය පිළිබඳව සොයාබැලීම සඳහා පරීක්ෂණ ක්රියාත්මකයි.