රාජ්‍ය සේවයේ තවත් ක්ෂේත්‍රයක පුරප්පාඩු 4000ක්.. බඳවාගැනීම් කඩිනම් කෙරෙන නවක පුරප්පාඩු ගැන ඇසෙන කතාව මෙන්න..
දිවයින පුරා පවතින පාසල්වල විදුහල්පති පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කරලා තිබෙනවා.
මේ පුරප්පාඩු හේතුවෙන් පාසල් පරිපාලන කටයුතුවලට එල්ලවී ඇති බලපෑම සලකා බලා, ඒ සඳහා සුදුස්සන් බඳවා ගැනීම කඩිනම් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළා.
විදුහල්පතිවරුන් බඳවා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ තරග විභාගය තාක්ෂණික කරුණු කිහිපයක් මත මින් පෙර කල්දැමීමට බලධාරීන් කටයුතු කරලා තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ තාක්ෂණික ගැටලු නිරාකරණය කරමින් විභාගය ඉතා ඉක්මනින් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතිබව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
පාසල් පද්ධතියේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සඳහා ස්ථිර විදුහල්පතිවරුන්ගේ සේවය අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වාදී තිබෙනවා.
පවතින පුරප්පාඩු 4,000 සඳහා පාරදෘශ්‍ය ක්‍රමවේදයක් යටතේ සුදුස්සන් බඳවා ගැනීමට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් සූදානම්කරලා තිබෙනවා.