සරසවි වරම් ලැබූ දහස් ගණනක් අතරමං වෙයි? ප්‍රවේශ අත්පොත නැතුව දෙමව්පියෝ පාරේ..
Wednesday, 06 May 2026 - 11:21 | Views - 150
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබුණද, ඒ සඳහා අත්‍යවශ්‍ය වන "විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත" මිලදී ගැනීමට නොමැති වීම නිසා සිසුන් හා දෙමව්පියන් දැඩි අපහසුතාවකට පත්වෙලා තිබෙනවා.

බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු මේ බරපතල ගැටලුව පිළිබඳව රට පුරා දැඩි කතාබහක් නිර්මාණයවෙලා තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි අලෙවිසල්වල මෙන්ම, කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පවා සිංහල මාධ්‍ය අත්පොත මිලදීගැනීමට නොමැති බව දෙමව්පියන් පවසා තිබෙනවා.

සාමාන්‍යයෙන් වෙනත් වසරවලදී පිටපත් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මුද්‍රණය කළද, මෙවර මුද්‍රණය කර ඇත්තේ පිටපත් 70,000ක් වැනි සීමිත සංඛ්‍යාවක් බව වාර්තාවුණා.

මෙවර උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 176,527ක් සුදුසුකම් ලබා සිටියදී, පිටපත් 70,000ක් පමණක් මුද්‍රණය කිරීම මේ අර්බුදයට හේතුවී ඇතිබව පෙන්වාදී තිබෙනවා.

අයැදුම්පත් කැඳවීම ආරම්භවී දින දෙක තුනක් යන්නට මත්තෙන් සිංහල මාධ්‍ය අත්පොත් විකිණී අවසන්වී ඇති අතර, මේ වනවිට දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය අත්පොත්ද හිඟවී තිබෙනවා.

අයැදුම්පත් භාරගැනීම මේ මස 19 වැනිදා දක්වා සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කරලා තිබෙනවා.

අත්පොතේ මෘදු පිටපතක් (Soft Copy) වෙබ් අඩවිය හරහා ලබාගත හැකිබව බලධාරීන් පැවසුවද, ප්‍රායෝගිකව අයැදුම්පත සම්පූර්ණ කිරීමේදී මුද්‍රිත අත්පොත අත්‍යවශ්‍ය වනබව දෙමව්පියන් අවධාරණය කළා.

මෙම බරපතල හිඟය පිළිබඳව ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකරලා නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top