ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට AI තාක්ෂණය එයි.. රෝග 42ක් හඳුනාගන්න රුසියාවෙන් ලැබෙන සුපිරි සහයෝගය මෙන්න..
Wednesday, 06 May 2026 - 9:18 | Views - 244
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය කිරීම හා කෘතිම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය මෙරටට හඳුන්වා දීම පිළිබඳව රුසියානු හා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ හා මෙරට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර මේ හමුව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදුවූබව වාර්තා කළා.

රුසියාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සඳහා AI තාක්ෂණය උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කර ඇති නවීන වෛද්‍ය උපකරණ පිළිබඳව රුසියානු අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කරලා තිබෙනවා.

විශේෂයෙන්ම නාගරික හා කෘෂිකාර්මික ප්‍රදේශවල ජනතාවට වැළඳෙන රෝග 42ක් ඉතා නිවැරදිව හඳුනාගැනීම සඳහා ඔවුන් නිපදවා ඇති තාක්ෂණික පද්ධතිය ලංකාවට ලබාදීමටද ඔහු කැමැත්ත පළකළා.

මෙරට සෞඛ්‍ය පද්ධතිය දියුණු කිරීමටත්, පවතින බලශක්ති අර්බුදයෙන් මිදීමටත් මිත්‍රශීලීව සහයෝගය ලබාදීමට රුසියාව සූදානම් බව මිහායිල් මුරාෂ්කෝ අවධාරණය කරලා තිබෙනවා.

එසේම දෙරට අතර ඖෂධ නිෂ්පාදනය ශක්තිමත් කිරීමට හා ලාංකික වෛද්‍යවරුන්ට රුසියාවේදී වැඩිදුර අධ්‍යාපනය ලබා දීමටත් ඔවුන් බලාපොරොත්තු වන බව වාර්තා කළා.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දෙරටේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමටද යෝජනා වී තිබෙනවා.

රුසියාවේ ක්‍රියාත්මක නවීන වෛද්‍ය තාක්ෂණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු නිලධාරීන්ට රුසියාවේ සංචාරය කරන ලෙස රුසියානු අමාත්‍යවරයා නිල වශයෙන් ආරාධනා කර ඇතිබව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top