අද ඉඳන් කුඩේ අරගෙනම යන්න.. වැස්සත් එක්ක එන අකුණු ගැනත් අනතුරු ඇඟවීමක්..
Wednesday, 06 May 2026 - 8:48 | Views - 183
දිවයින ආසන්නයේ පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හා අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් අද (06) දින සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් සිදුවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරලා තිබෙනවා.

අද පස්වරු 1.00න් පමණ පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. එසේම දකුණු හා නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිබව වාර්තා කළා.

සබරගමුව, මධ්‍යම, ඌව හා උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදීලා තිබෙනවා.

මීට අමතරව මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන් කළා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා.

විශේෂයෙන්ම අකුණු පවතින අවස්ථාවලදී විවෘත ස්ථානවල රැඳී නොසිටින ලෙසද ඔවුන් පැවසුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top