අද ඉඳන් කුඩේ අරගෙනම යන්න.. වැස්සත් එක්ක එන අකුණු ගැනත් අනතුරු ඇඟවීමක්..
දිවයින ආසන්නයේ පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හා අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් අද (06) දින සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් සිදුවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරලා තිබෙනවා.
අද පස්වරු 1.00න් පමණ පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. එසේම දකුණු හා නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිබව වාර්තා කළා.
සබරගමුව, මධ්‍යම, ඌව හා උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදීලා තිබෙනවා.
මීට අමතරව මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද සඳහන් කළා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා.
විශේෂයෙන්ම අකුණු පවතින අවස්ථාවලදී විවෘත ස්ථානවල රැඳී නොසිටින ලෙසද ඔවුන් පැවසුවා.