ගොවීන්ට මහ කන්නයේදී පොහොර හිඟයක් නැහැ. අමාත්‍ය මණ්ඩලයෙන් ගත් විශේෂ තීරණය මෙන්න.
2026/2027 මහ කන්නයේ වී හා අනෙකුත් බෝග වගාවන් සඳහා අවශ්‍ය පොහොර තොග කල්තියා සූදානම්කර තබාගැනීමේ අරමුණින්, යූරියා මෙට්‍රික්ටොන් 20,000ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙලා තිබෙනවා.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට පියවරගෙන තිබෙනවා.
මේ යූරියා මෙට්‍රික්ටොන් 20,000ක ප්‍රමාණය සෘජු පොහොර ලෙස භාවිත කිරීමට මෙන්ම, එළවළු හා අනෙකුත් බෝග සඳහා අවශ්‍ය මිශ්‍ර පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට 'ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ්' ආයතනය සැලසුම්කර තිබෙනවා.
මේ හරහා ඉදිරි කන්නයේදී ගොවීන්ට කිසිදු හිඟයකින් තොරව පොහොර ලබාදීම සහතික කිරීමට රජය බලාපොරොත්තු වන බව වාර්තා කළා.
මේ පොහොර තොගය මිල දී ගැනීමේදී විනිවිදභාවයකින් යුතුව ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කිරීමට රජය තීරණය කරලා තිබෙනවා.
ගොවි ජනතාවට සහනදායී ලෙස හා ගුණාත්මක බවින් ඉහළ පොහොර නියමිත වේලාවට ලබාදීම මේ වැඩපිළිවෙළේ මූලික අරමුණ බව අමාත්‍යංශය සඳහන් කළා.