නාවලපිටියේදී පාසල් වෑන් රථයකට සිදුවුණු දේ.. සම්පූර්ණ විස්තරය මෙන්න..
නාවලපිටිය ප්රදේශයේ පාසල් සිසුන් පිරිසක් ප්රවාහනය කරමින් තිබූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරළීමෙන් දරුණු අනතුරක් සිදුවී තිබෙනවා.
අද (05) උදෑසන 7.00ට පමණ නාවලපිටිය තිස්පණේ හන්දිය ප්රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා කළා.
මෙම අනතුරෙන් තුවාල ලැබූ පාසල් සිසුන් 13 දෙනෙකු ප්රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර කර තිබෙනවා.
රෝහල්ගත කළ පිරිස අතර අවුරුදු 7ත් 10ත් අතර වයස්වල පසුවන සිසුවියන් 11 දෙනෙකු සහ සිසුන් දෙදෙනෙකු සිටින බව නාවලපිටිය පොලිසිය තහවුරු කළා.
නාවලපිටිය කැටබුලාවේ සිට හරංගල දක්වා දරුවන් රැගෙන යමින් සිටියදී වෑන් රථය මෙලෙස අනතුරට පත්වී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇතිබව වාර්තාවුණා.
වෑන් රථයේ රියදුරු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය සඳහන් කළා.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, නාවලපිටිය පොලිසිය මගින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ආරම්භ කරලා තිබෙනවා.
පාසල් වාරය ආරම්භවී ඇති මෙවැනි සමයක දරුවන් රැගත් වාහනයක් මෙලෙස අනතුරට පත්වීම ප්රදේශවාසීන්ගේ දැඩි කම්පනයට හේතුවී ඇතිබව වාර්තා කළා.