මිල වැඩිවුණත් වැඩේ අත්නොහැරි ලාංකිකයෝ.. මෙරට පුද්ගලයින්ගේ මත්පැන් පානය ගැන ඇසෙන වෙනස්ම ආරංචියක් මෙන්න..
Tuesday, 05 May 2026 - 13:30 | Views - 99
මෙරට මත්පැන් පානය කිරීමේ ප්‍රවණතාවය නැවතත් ඉහළ යමින් පවතින බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වී ඇතිබව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කරලා තිබෙනවා.

2024 වසරේ සිට මේ දක්වා මධ්‍යසාර මිලෙහි නිසි සංශෝධනයක් සිදුනොවීම මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇතිබව එම මධ්‍යස්ථානය පෙන්වා දුන්නා.

2025 වසරේ දත්ත පිරික්සීමේදී මධ්‍යසාර නිෂ්පාදනය සියයට 17ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, බීර නිෂ්පාදනයද සියයට 5කින් ඉහළගොස් ඇතිබව වාර්තාකර තිබෙනවා.

මිල පාලනයක් හෝ බදු සංශෝධනයක් නිසි ලෙස සිදුනොවීම නිසා මගීන් නැවතත් මත්පැන් වෙත යොමුවීමේ අවදානමක් පවතින බව එම මධ්‍යස්ථානය අවධාරණය කළා.

මීට පෙර වසරවලදී බදු ඉහළ නැංවීම මධ්‍යසාර අලෙවිය පහත වැටීමට සෘජුවම බලපා ඇතිබව දත්ත මගින් තහවුරු කරලා තිබෙනවා.

2023 වසරේදී බදු සියයට 20කින් වැඩි කිරීම නිසා අලෙවිය ලීටර මිලියන 8.3කින් පහත වැටී ඇතිබව වාර්තා කළා.

එසේම 2024 වසරේදී ද බදු ඉහළ නැංවීම නිසා අලෙවිය ලීටර හාර ලක්ෂ තිස්දහසකින් (430,000) අඩුවී තිබූ බව එම මධ්‍යස්ථානය පෙන්වාදී තිබෙනවා.

කෙසේ වෙතත්, වර්තමානය වනවිට පවතින තත්ත්වය හමුවේ මත්පැන් භාවිතය නැවතත් හිස ඔසවමින් පවතින බවත්, මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
කාලයක් පුංචි තිරයේ ටෙලිනාට්‍ය රැසක් හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් සුරූපී...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top