මිල වැඩිවුණත් වැඩේ අත්නොහැරි ලාංකිකයෝ.. මෙරට පුද්ගලයින්ගේ මත්පැන් පානය ගැන ඇසෙන වෙනස්ම ආරංචියක් මෙන්න..
Tuesday, 05 May 2026 - 13:30 | Views - 100

මෙරට මත්පැන් පානය කිරීමේ ප්‍රවණතාවය නැවතත් ඉහළ යමින් පවතින බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වී ඇතිබව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කරලා තිබෙනවා.
2024 වසරේ සිට මේ දක්වා මධ්‍යසාර මිලෙහි නිසි සංශෝධනයක් සිදුනොවීම මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇතිබව එම මධ්‍යස්ථානය පෙන්වා දුන්නා.
2025 වසරේ දත්ත පිරික්සීමේදී මධ්‍යසාර නිෂ්පාදනය සියයට 17ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, බීර නිෂ්පාදනයද සියයට 5කින් ඉහළගොස් ඇතිබව වාර්තාකර තිබෙනවා.
මිල පාලනයක් හෝ බදු සංශෝධනයක් නිසි ලෙස සිදුනොවීම නිසා මගීන් නැවතත් මත්පැන් වෙත යොමුවීමේ අවදානමක් පවතින බව එම මධ්‍යස්ථානය අවධාරණය කළා.
මීට පෙර වසරවලදී බදු ඉහළ නැංවීම මධ්‍යසාර අලෙවිය පහත වැටීමට සෘජුවම බලපා ඇතිබව දත්ත මගින් තහවුරු කරලා තිබෙනවා.
2023 වසරේදී බදු සියයට 20කින් වැඩි කිරීම නිසා අලෙවිය ලීටර මිලියන 8.3කින් පහත වැටී ඇතිබව වාර්තා කළා.
එසේම 2024 වසරේදී ද බදු ඉහළ නැංවීම නිසා අලෙවිය ලීටර හාර ලක්ෂ තිස්දහසකින් (430,000) අඩුවී තිබූ බව එම මධ්‍යස්ථානය පෙන්වාදී තිබෙනවා.
කෙසේ වෙතත්, වර්තමානය වනවිට පවතින තත්ත්වය හමුවේ මත්පැන් භාවිතය නැවතත් හිස ඔසවමින් පවතින බවත්, මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article