කොස් ගෙඩියක් නිසා තාත්තෙකුගේ හා දුවකගේ බැඳීම් සදාකාලිකවම බිඳීයයි.. ප්‍රදේශයක් සලිත කළ සංවේදී පුවතක් මෙන්න..
කළුතර උතුර, බෝසිරිපුර ප්‍රදේශයේදී කොස් ගෙඩියක් කැඩීම සම්බන්ධයෙන් ඇතිවූ සුළු ආරවුලක් දුරදිග යාමෙන්, පියෙකු විසින් එල්ලකළ මාරාන්තික ප්‍රහාරයකින් ඔහුගේ දියණිය ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දිලිනි මධුෂිකා නමැති 35 හැවිරිදි එක්දරු මවක් බව පොලිසිය තහවුරු කළා.
යාබද නිවෙස්වල පදිංචිව සිටි මේ පියා හා දියණිය අතර කලක පටන් පවුල් ආරවුල් පැවතී තිබෙනවා.
මේ හේතුවෙන් දියණිය සිය නිවසින් තාවකාලිකව ඉවත්ව ගොස් සිට ඇති අතර, ඊයේ (04) පෙරවරුවේ පියා විසින් දියණියගේ ඉඩමේ තිබූ කොස් ගසකින් ගෙඩියක් කඩාගැනීමට පැමිණ තිබෙනවා.
අසල්වැසියෙකු මාර්ගයෙන් මේ පුවත සැලවීමත් සමඟ, දියණිය වහාම යතුරුපැදියකින් එම ස්ථානයට පැමිණ ඒ පිළිබඳව විමසා තිබෙනවා.
එහිදී ඇතිවූ බහින්බස් වීම දුරදිග යාමෙන් උරණවූ පියා අසල තිබූ යකඩ පොල්ලකින් දියණියට අමානුෂික ලෙස පහරදී තිබෙනවා.
බරපතල තුවාල ලැබූ ඇය කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇතිබව රෝහල් ආරංචි මාර්ග වාර්තාකර තිබෙනවා.
මෙම දරුණු අපරාධය සිදුකළ පියාව කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම ඝාතනය සඳහා යොදාගත් යකඩ පොල්ලද පොලිස් භාරයට ගැනීමට විමර්ශන නිලධාරීන් පියවරගෙන තිබෙනවා.
එක් කොස් ගෙඩියක් නිසා පියෙකු අතින්ම දියණියකගේ ජීවිතය මෙලෙස අහිමි වීම මුළු කළුතර ප්‍රදේශයම දැඩි කම්පනයකට පත් කරලා තිබෙනවා.