කොස් ගෙඩියක් නිසා තාත්තෙකුගේ හා දුවකගේ බැඳීම් සදාකාලිකවම බිඳීයයි.. ප්‍රදේශයක් සලිත කළ සංවේදී පුවතක් මෙන්න..
Tuesday, 05 May 2026 - 11:41 | Views - 103
කළුතර උතුර, බෝසිරිපුර ප්‍රදේශයේදී කොස් ගෙඩියක් කැඩීම සම්බන්ධයෙන් ඇතිවූ සුළු ආරවුලක් දුරදිග යාමෙන්, පියෙකු විසින් එල්ලකළ මාරාන්තික ප්‍රහාරයකින් ඔහුගේ දියණිය ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දිලිනි මධුෂිකා නමැති 35 හැවිරිදි එක්දරු මවක් බව පොලිසිය තහවුරු කළා.

යාබද නිවෙස්වල පදිංචිව සිටි මේ පියා හා දියණිය අතර කලක පටන් පවුල් ආරවුල් පැවතී තිබෙනවා.

මේ හේතුවෙන් දියණිය සිය නිවසින් තාවකාලිකව ඉවත්ව ගොස් සිට ඇති අතර, ඊයේ (04) පෙරවරුවේ පියා විසින් දියණියගේ ඉඩමේ තිබූ කොස් ගසකින් ගෙඩියක් කඩාගැනීමට පැමිණ තිබෙනවා.

අසල්වැසියෙකු මාර්ගයෙන් මේ පුවත සැලවීමත් සමඟ, දියණිය වහාම යතුරුපැදියකින් එම ස්ථානයට පැමිණ ඒ පිළිබඳව විමසා තිබෙනවා.

එහිදී ඇතිවූ බහින්බස් වීම දුරදිග යාමෙන් උරණවූ පියා අසල තිබූ යකඩ පොල්ලකින් දියණියට අමානුෂික ලෙස පහරදී තිබෙනවා.

බරපතල තුවාල ලැබූ ඇය කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇතිබව රෝහල් ආරංචි මාර්ග වාර්තාකර තිබෙනවා.

මෙම දරුණු අපරාධය සිදුකළ පියාව කළුතර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම ඝාතනය සඳහා යොදාගත් යකඩ පොල්ලද පොලිස් භාරයට ගැනීමට විමර්ශන නිලධාරීන් පියවරගෙන තිබෙනවා.

එක් කොස් ගෙඩියක් නිසා පියෙකු අතින්ම දියණියකගේ ජීවිතය මෙලෙස අහිමි වීම මුළු කළුතර ප්‍රදේශයම දැඩි කම්පනයකට පත් කරලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
කාලයක් පුංචි තිරයේ ටෙලිනාට්‍ය රැසක් හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් සුරූපී...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top