තලපති විජේට විශිෂ්ට ජයක්.. TVK පක්ෂය තමිල්නාඩුවේ පෙරමුණට..
Tuesday, 05 May 2026 - 10:17 | Views - 182
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ අවසන් ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති අතර, සුපිරි නළු විජේගේ නායකත්වයෙන් යුත් 'තමිලග වෙට්රි කලගම්' (TVK) පක්ෂය ආසන 108ක් දිනා ගනිමින් ප්‍රාන්තයේ තනි විශාලතම පක්ෂය බවට පත්ව තිබෙනවා.

ඉන්දීය මැතිවරණ කොමිසමේ නිල දත්තවලට අනුව TVK පක්ෂය ආසන 108ක්ද, හිටපු මහ ඇමති එම්. කේ. ස්ටාලින් නායකත්වය දැරූ DMK පක්ෂය ආසන 59ක්ද, ADMK පක්ෂය ආසන 47ක්ද ලබා ගත් ප්‍රධාන පක්ෂ බවට පත්ව තිබෙනවා.

මෙම ජයග්‍රහණයත් සමඟ එහි නායක ජෝසප් විජේ තමිල්නාඩුවේ මීළඟ මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට වැඩි ප්‍රවණතාවයක් පවතින බවයි ඉන්දීය දේශපාලන විචාරකයින් සඳහන් කර ඇත්තේ.

තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ සරල බහුතරය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආසන 118ක් ජයග්‍රහණය කළ යුතු වුවද, විජේගේ පක්ෂය ලබාගෙන ඇත්තේ ආසන 108ක්.

ඒ අනුව බහුතරය සඳහා ඔවුන්ට තවත් ආසන 10ක හිඟයක් පවතිනවා.

මේ හේතුවෙන් තමිල්නාඩුවේ සෙසු කුඩා පක්ෂ සමඟ එක්ව සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා TVK පක්ෂය මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top