දුරගමන් යන අයට සුබ ආරංචියක්.. බස් එකේ සීට් එක වෙන්කරගන්න අලුත්ම ක්‍රමය මෙන්න.
Tuesday, 05 May 2026 - 9:16 | Views - 238
දුරගමන් සේවා බස් රථවල ගමන් ගන්නා මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට (Online) ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම දැන් ක්‍රියාත්මකවන බව මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කරලා තිබෙනවා.

ඊයෙ (04) ‘මගනැගුම මහමැදුර’ පිහිටි ප්‍රවාහන අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

මගීන්ට දැන් තමන්ගේ නිවසේ සිටම ඉතා පහසුවෙන් පහත ක්‍රමවේද ඔස්සේ ආසන වෙන්කරවා ගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

වෙබ් අඩවිය: www.busticket.gov.lk

ක්ෂණික දුරකතන අංකය: 0112 001 266

මේ නියමු ව්‍යාපෘතිය මුලින්ම පෞද්ගලික බස් රථ සඳහා ආරම්භ කළ බව අමාත්‍යවරයා සඳහන් කළා.

මීට පෙර ආසන වෙන් කිරීමේදී පෞද්ගලික ආයතන හරහා රුපියල් 200 සිට 300 දක්වා අමතර මුදලක් අය කළද, රජය හඳුන්වා දුන් මේ නව ක්‍රමය යටතේ එක් ආසනයක් වෙන්කිරීමට වැය වන්නේ රුපියල් 30ක වැනි සුළු මුදලක් පමණක් බව අමාත්‍යවරයා අනාවරණය කළා.

මීට අමතරව වෙන්කළ ආසන අහිමිවීම හෝ ගමන් වාර හදිසියේ අවලංගු වීම වැනි ගැටලුවලටද මෙයින් විසඳුම් ලැබෙන බව ඔහු පෙන්වාදී තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"දුරගමන්වල යෙදෙන මගීන්ට මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීමේ (Online Seat Booking) පහසුකම දැන් තියෙනවා. නියමු ව්‍යාපෘතියක් හැටියට අපි මේක ආරම්භ කලේ පෞද්ගලික බස් රථවලින්. මේනිසා මගීන්ට තමන්ගේ බස් එක තියෙන වෙලාව බලලා ඒ අනුව බස් නැවතුමට එන්න පුළුවන්. රස්තියාදු වෙන්න ඔනි නෑ. ආසන වෙන් කරන ක්‍රියාවලියේදී තිබුණු යම් යම් ගැටළු මේ නිසා නැතිවෙනවා. සමහර අවස්ථාවලදී වෙන්කල ආසනය අහිමිවීම, බස් රථයේ ගමන් වාරය හදිසියේ අවලංගු වීම වගේ දේවල් විතරක් නෙමෙයි ආසන වෙන් කරන්න අධික මුදලක් ගෙවීමට සිදුවීමත් මේ නිසා නැතිවෙනවා.මහර අවස්ථාවලදී ආසනය වෙන්කරන්න රුපියල් 200 – 300 අතර මුදලක් ගෙවන්න සිද්ධවුණා. මේ නව ක්‍රමය නිසා එක් ආසන වෙන්කිරීමකට ගෙවන්න වෙන්නේ රු. 30 ක් වගේ මුදලක්. මේ ක්‍රමය බස් රථ හිමියන්ටත් කාර්ය මණ්ඩලයටත් පහසු වගේම වාසි සහගතයි. ''

සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරෙන්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top