කැනඩාවෙන් බුදු දහමට ඉහළම ගෞරවයක්.. මැයි මාසය 'බෞද්ධ උරුම මාසය' වෙයි..
Tuesday, 05 May 2026 - 8:31 | Views - 87
ශ්‍රී ලාංකිකයෙකුගේ මූලිකත්වයෙන් දියත්කළ සුවිශේෂී මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස, 2026 මැයි මාසය “බෞද්ධ උරුම මාසය” ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට කැනඩාවේ ඔටාවා නගරාධිපතිවරයා පියවරගෙන තිබෙනවා.

ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් (Mark Sutcliffe) විසින් මේ ඓතිහාසික ප්‍රකාශය සිදුකරලා තිබෙනවා.

මේ වැඩසටහනේ වැදගත්කම තහවුරු කරමින් කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි ද නිල ප්‍රකාශයක් නිකුත් කළා.

බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳව සියලු කැනේඩියානුවන්ට ඉගෙන ගැනීමට මෙය වටිනා අවස්ථාවක් බව ඔහු පවසා තිබෙනවා.

"එකට එක්වූ විශ්වීය අයත් වීමේ හැඟීමක් ගොඩනගමු" යන්න මෙවර වැඩසටහනේ තේමාව ලෙස නම් කරලා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ විසිත සිරින් ලීලාරත්න විසින් ඉදිරිපත් කළ e-6893 පෙත්සම මේ ජයග්‍රහණයට මූලික අඩිතාලම දමා තිබෙනවා.

2017 වසරේ සිට ඔහු මේ වෙනුවෙන් කැපවී කටයුතු කළ අතර, එම පෙත්සම සඳහා 3,100කට අධික පිරිසක් අත්සන් තැබූ බව වාර්තාවුණා.

පාලිමේන්තු මන්ත්‍රී ජෙනා සඩ්ස් (Jenna Sudds) මේ පෙත්සම සඳහා අනුග්‍රහය දක්වා තිබෙනවා.

දැනටමත් කැනඩාව තුළ හින්දු, ඉස්ලාම් හා සික් වැනි ආගම් සඳහා උරුම මාස පිළිගෙන තිබුණද, බෞද්ධ උරුම මාසයක් ජාතික මට්ටමින් පිළිගත් ප්‍රථම රට බවට කැනඩාව පත්වීමේ ඉඩකඩ පවතින බව විදේශ වාර්තා සඳහන් කළා.

Vesak in Ottawa හා Buddhist Embassy Canada යන ආයතනවල නිර්මාතෘවරයාද වන ලීලාරත්න මේ සිහිනය යථාර්ථයක් කිරීමට සහාය වූ සැමට සිය කෘතඥතාව පළකරලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
කාලයක් පුංචි තිරයේ ටෙලිනාට්‍ය රැසක් හරහා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනාගත් සුරූපී...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top