ඇය මනුස්ස දුවක්ද? නැත්නම් බෝනික්කෙක්ද? ලෝකයේ පළමු ජීවමාන බාර්බිගේ අදහාගත නොහැකි රූපය මෙන්න...
බාර්බි බෝනික්කෝ එක්ක සෙල්ලම් කරපු කාලේ ඉවරයි! දැන් ඉන්නේ ඇත්තම ඇත්ත ජීවමාන බාර්බි බෝනික්කෝ.
ඒ අතරින් මුළු ලෝකයේම අවධානය දිනාගත්තු, දකින ඕනෑම කෙනෙක් විමතියට පත් කරවන නමක් තමයි වලෙරියා ලුක්‍යානෝවා. බාර්බි බෝනික්කෙක් වෙන්න ගිහින් ඇය කරගත්තු වෙනස්කම් ගැන ඇහුවොත් ඔයාටත් හිතාගන්න බැරි වේවි!
වලෙරියාගේ පෙනුම දැක්කම මුලින්ම හිතෙන්නේ මේක Computer Graphic (CGI) එකක් කියලා. සාමාන්‍ය මනුස්සයෙකුට තියෙන්න බැරි තරමේ ඉතාම සිහින් ඉණක්, විශාල දෑස් සහ පුදුමාකාර ශරීර හැඩයක් ඇයට තියෙනවා.
ඇය පවසන විදිහට මේ සියල්ල පිටුපස තියෙන්නේ ඇයගේ විශේෂිත Makeup රහස්, දැඩි ව්‍යායාම සහ ඇයගේ වෙනස්ම ජීවන රටාවයි.
ලෝකය පුරාම ඇය ගැන තියෙන ලොකුම විවාදය තමයි ඇය මේ පෙනුම ගත්තේ කොහොමද කියන එක. වලෙරියා විවෘතව පිළිගන්නේ ඇය පියයුරු සැත්කමක් පමණක් කළ බවයි. "අනිත් හැමදේම 100% ක් ස්වභාවිකයි" කියලා ඇය සහතික වුණත්, විචාරකයින් පවසන්නේ වෙනත් කතාවක්!
නාසය හැඩ කිරීම් , මුහුණට එන්නත් කරන Fillers, සහ ඉණ සිහින් කරගැනීමට පර්ශු ඇට ඉවත් කිරීමේ සැත්කම් පවා ඇය කර ඇති බවට දැඩි සැකයක් අන්තර්ජාලය පුරා පවතිනවා. හැබැයි වලෙරියා නම් ඒ හැමදේම තවමත් ප්‍රතික්ෂේප කරනවා.
ඇයගේ මේ අමුතු පෙනුමට සමහරු ආදරය කරනවා, සමහරු දරුණු විදිහට විවේචනය කරනවා. හැබැයි වලෙරියා නිසා ලෝකයේ අලුත්ම රැල්ලක් නිර්මාණය වුණා. අද අන්තර්ජාලයේ අපිට දකින්න ලැබෙන "Human Barbie" රැල්ලේ ආරම්භකයා ඇයයි. ඇයව අනුකරණය කරමින් දහස් ගණන් තරුණියන් බෝනික්කන් වීමට සැත්කම් මේසයට යන තත්ත්වයට මේ රැල්ල බලවත් වුණා.
"මම බෝනික්කෙක් වගේ පෙනුනට, මම ආත්මයක් තියෙන මනුස්සයෙක්..."වලෙරියා කියන්නේ අන්න එහෙමයි. ඇය අමුතුයි, අද්භූතයි, ඒ වගේම ආකර්ෂණීයයි.


