නිවසින් එළියට බැස්ස ගමන් මාරයා ඇවිත්. වෙල්ලාවලියෙන් ඇසුණු අවාසනාවන්ත පුවත..
Sunday, 03 May 2026 - 17:02 | Views - 96
වෙල්ලාවලි පොලිස් වසමට අයත් පුරවනිඅඩිඋත්තු ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකට ලක්වීමෙන් 55 හැවිරිදි කාන්තාවක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා.

ඊයේ (02) දින මේ මාරක ප්‍රහාරය සිදුව ඇති බව පොලිසිය තහවුරු කළා.

මෙසේ අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ තික්කෝඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්. ඇය සිය නිවසින් පිටතට පැමිණි අවස්ථාවේදී, කිසිවෙකුත් නොසිතූ අයුරින් හදිසියේම මේ වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වෙලා තිබෙනවා.

වනඅලියාගේ දරුණු ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඇය එම ස්ථානයේදීම මියගොස් ඇතිබව වාර්තාකළා.

සිද්ධිය සම්බන්ධයෙන් වෙල්ලාවලි පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම් එම ස්ථානයට ගොස් විමර්ශන කටයුතු ආරම්භ කරලා තිබෙනවා.

මියගිය කාන්තාවගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත අතර, වෙල්ලාවලි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බව සඳහන්කළා.

ප්‍රදේශයේ පවතින වනඅලි තර්ජනය පිළිබඳව බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බව ප්‍රදේශවාසීන් පවසා සිටියා.
Share This Article
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top